නීති විරෝධී සඳුන් දැව ජාවාරමක් නාවික හමුදාව මගින් අත්අඩංගුවට

ජුනි 12, 2020

පොලිස් දූෂණ මර්ධන ඒකකය සමඟ ඒකාබද්ධ මෙහෙයුමකදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නීති විරෝධී ප්‍රවාහනය කර තිබූ සඳුන් දැව  තොගයක් හම්බන්තොට දී (ජූනි 11) දින අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 24 ත් 42 ත් අතර  පුද්ගලයින් සිව්දෙනෙකු හා නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය සඳහා භාවිතා කළ සැහැල්ලු ලොරි රථයක් ඇතුළු වාහන දෙකක්  මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගනු ලැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.