අද දින නිරෝධායන මධ්‍යස්ථාන වලින් පුද්ගලයන් 165 දෙනෙකු පිටව යති

ජුනි 13, 2020

තවත් පුද්ගලයින් 165 දෙනෙකු, අද (ජුනි 13) දින ත්‍රිවිධ හමුදාව විසින් කළමනාකරණය වන නිරෝධායන මධ්‍යස්ථාන වලින් නිවෙස් බලා පිටත්ව ගියහ.

COVID-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අනුව,    දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසු රාජගිරියේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 149 ක් සහ බූස්ස  නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් පුද්ගලයින් 16 දෙනෙකු සිය නිවෙස් බලා පිටත්ව ගියහ.

මේ වන විට පුද්ගලයින් 13,197 දෙනෙකු ත්‍රිවිධ හමුදාව විසින් කළමනාකරණය වන මධ්‍යස්ථාන වලින් පිටව ගොස් ඇති බව COVID-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර, ත්‍රිවිධ හමුදාව විසින් කළමනාකරණය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 44 ක පුද්ගලයින් 4,765 ක් නිරෝධායනය වෙමින් පවතී.