ඊයේ දිනටCOVID-19 රෝගීන් තිදෙනෙකු පමණයි

ජුනි 13, 2020

පසුගිය පැය 48 තුළ වාර්තා වී ඇත්තේ රෝගීන් 11 ක් පමණක් වන අතර රෝගීන් තිදෙනෙකු සිකුරාදා (ජූනි 12) දින වාර්තා වී ඇත, සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ රට තුළ වාර්තා වී ඇති කොරොන වෛරසය අසාදිත  රෝගීන්ගේ සංඛ්‍යාව අඩුවී ඇති බවයි.

ඊයේ වාර්තා වූ රෝගීන් තිදෙනාගෙන්  එක් අයෙකු කටාර් රාජ්‍යයෙන් ආපසු පැමිණි පුද්ගලයකු බවත්  හඳුනාගෙන ඇති අතර ඉතිරි දෙදෙනා ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැවියන් ය.

COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට   අනුව    තවත් නැවියන් 35 දෙනෙකු ඊයේ රෝහල්වලින් සුවව පිටව ගොස් ඇති බවයි.