නැවියන් 682 ක් සුවය ලබා රෝහල්වලින් පිටවෙති

ජුනි 13, 2020

මේ වන විට නාවිකයින් 682 දෙනෙකු කොරොනා වෛරසයෙන් සුව වී රෝහල්වලින් පිටව ගොස් තිබේ.

කෙසේ වෙතත්, සිකුරාදා (ජූනි 12) දින තවත් නැවියන් දෙදෙනෙකු වෛරසය සඳහා අසාදිත  බව වාර්තා වීමත් සමඟ කොරොනා වෛරසය අසාදිත   මුළු නැවියන් 876 දක්වා ඉහළ ගොස් තිබේ.

ආසාදිත නාවිකයින් 194 දෙනෙකු තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබති.