නීති විරෝධී ලෙස වාහන අත්පත් කර ගැනීමට ඉඩක් නැත

ජුනි 13, 2020

කල්බදු වාරික ගෙවීමට අසමත් වීම හේතුවෙන් නීතිවිරෝධී ලෙස වාහන අත්පත් කර ගැනීමට ඉඩක් නොමැති බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් පවසයි.

පොලීසිය දැනුවත් නොකර වාහන අත්පත් කර ගැනීම  පිලිබදව සදහන් කල ජනපතිතුමන් විසින් වාරික ගෙවීමට අපොහොසත් වූ වාහන අත්පත් කරගැනීමෙන් පසු ලීසිං සමාගම්වලින් ලැබෙන පැමිණිලි භාර නොගන්නා ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත උපදෙස් ලබා දී ඇත.

ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් මාර්තු 23 වැනිදා නිකුත් කරන ලද 16/2020 චක්‍රලේඛයේ දෙවැනි වගන්තිය අනුව මෙරට තුල කොවිඩ් 19 ව්‍යාප්තියත් සමග පීඩාවට පත් ත්‍රීවිල් රථ හිමියන් විසින් ගෙවනු ලබන ලීසිං ණය වාරික අයකරගැනීම මාස 6 කට අත්හිටුවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ගෙවිය යුතු ණය වාරිකය නොගෙවීම නිසා වාහන අත්පත් කර ගැනීම රජයේ නියෝග උල්ලංඝනය කිරීමක් බවද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.