කොළඹ ජාතික රෝහලේ සිදු වූ මුදල් කොල්ලය සිදු කල සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කල පොලිස් කොස්තාපල්වරයකු රිය අනතුරකට ලක්ව මියයයි

ජුනි 14, 2020

කොළඹ ජාතික රෝහලේ සිදු වූ රු. මිලියන 7.9 මුදල් කොල්ලය සිදු කල සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කල පොලිස් කොස්තාපල්වරයකු ජුනි 11 දින සිදු වූ හදිසි අනතුරක් නිසා කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන මිය ගොස් ඇත.

පොළොන්නරු,නෙළුම්වැව,ගිණිදමන පදිංචිකරුවකු වන 22 හැවිරිදි කොස්තාපල්වරයකු වන සිතුම් දුලීක අලහප්පෙරුම බම්බලපිටිය තුම්මුල්ල මංසන්ධියේදී ඩිෆෙන්ඩර් රථයක් ඔහු ගමන් කල යතුරු පැදියේ  ගැටීමෙන් බරපතල තුවාල ලබා ඇත.

රාජ්‍ය බුද්ධි සේවයට (SIS) අනුයුක්තව සිටි සිතූම් ජුනි 9 වන දින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියකගේ සහ තවත් පොලිස් කොස්තාපල්වරයකුගේ සහාය ඇතිව කොළඹ ජාතික රෝහලේ මුදල් කොල්ලකරු එනම් පිස්තෝලයකින් සන්නද්ධ වෛද්‍යවරයෙකු (එම පිස්තෝලය ව්‍යාජ එකක් බව පසුව සොයා ගන්නා ලදී) පසුපස ලුහුබැද ගොස් අත්අඩංගුවට  තරම් නිර්භීත අයෙකු විය