පාකිස්ථානයේ සිටි ශ්‍රී ලාංකිකයින් 130 දෙනෙකු මෙරටට

ජුනි 15, 2020

පාකිස්ථානයේ සිටි ශ්‍රී ලාංකිකයින් 130 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද උදෑසන (ජුනි 15) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි බව ගුවන්තොටුපළේ රාජකාරි කළමණාකරු ඉරේෂා ජයසුරිය පැවසීය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ  UL 1282 යානයෙන් කරච්චි සහ ලාහෝර් සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී සිදු කල PCR පරීක්ෂණවලින් පසුව නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර ඇති බව ජයසූරිය defence.lk වෙත පැවසීය.

COVID-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට අනුව මෙරටට පැමිණි පුද්ගලයින්ගෙන් 61 දෙනෙකු හමුදා සාමාජිකයින්ය.