සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වාහනය පැදවූ රියදුරු අත්අඩංගුවට

ජුනි 15, 2020

සොයිසාපුර වෙඩි තැබීම සඳහා භාවිතා කළ වාහනයේ රියදුරු යැයි විශ්වාස කරන තවත් සැකකරුවෙකු ත්‍රිරෝද රථයක්ද සමඟ ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබේ.

මොරටුවේ පදිංචිකරුවෙකු වන සැකකරු (32) විසින් ගිනි අවිය බුත්තල ප්‍රදේශයේ සඟවා තැබීම පිණිස මෙම ත්‍රිරෝද රථය යොදාගෙන ප්‍රවාහනය සිදුකර ඇත.

පොලිසිය විසින් සිදුකල විමර්ශනයේදී පතරොම් 2 ක් සහ T56 අවිය සහ අත් බෝම්බයක් මොරටුව ප්‍රදේශයේ නිවසක තිබියදී සොයාගෙන ඇත.

ගල්කිස්ස පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.