ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන වලින් තවත් පුද්ගලයින් 222 දෙනෙකු අද දින (15) පිටත්ව යාමට නියමිතය

ජුනි 15, 2020

ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන වලදී සති තුනක නිරෝධායන ක්‍රියාවලිය අවාන්කළ පුද්ගලයින් 222 දෙනෙකු පිටත්ව යාමට නියමිතය.

ඔවුන් පුනානි, අම්පාර, පැල්වෙහෙර, ෂෙල්ටන් හෝටලය සහ 59 වන සේනාංක පුහුණු පාසලේ පවත්වාගෙන ගිය නිරෝධායන මධ්‍යස්ථානයන්හිදී නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මේ වන විට ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන වලින් නිරෝධායනය අවසන් කල පුද්ගලයින් 13,875 දෙනෙකු පිටව ගොස් ඇති අතර තවත් පුද්ගලයින් 4,387 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන 43 ක නිරෝධායනය වෙමින් සිටී.