කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ නාවිකයින් 708 දෙනෙකු රෝහල් වලින් පිටව යයි

ජුනි 15, 2020

කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ නාවිකයින් 708 දෙනෙකු මේ වන විට රෝහල් වලින් පිටව ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කරයි.  

නවතම වාර්තාවලට අනුව, වෛරසය ආසාදිත මුළු ශ්‍රී ලංකා නාවික හමුදා නාවිකයින් සංඛ්‍යාව 882 කි.   

මේ අතර, කොරෝනා වෛරසය ආසාදිත නාවිකයින් 174 දෙනෙකු තවමත් රෝහල්හි ප්‍රතිකාර ලබාගනිමින් සිටින බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.