මියගිය පොලිස් කොස්තාපල් සැරයන් නිලයට උසස් කෙරේ

ජුනි 15, 2020

බම්බලපිටියේදී ජුනි 11 වන දින හදිසි අනතුරකට ලක්වූ මියගිය රාජ්‍ය බුද්ධි සේවාවට අනුයුක්ත පොලිස් කොස්තාපල් සිතුම් අලහප්පෙරුම (22) අද දින සිට සැරයන් නිලයට උසස් කර ඇත.   

හදිසි අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී ඉරිදා උදෑසන මියගිය පොලිස් කොස්තාපල් අලහප්පෙරුම වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න විසින් සැරයන් නිලයට උසස් කර තිබේ.   

මෙම තරුණ නිලධාරියා කොළඹ ජාතික රෝහලේ සිදුවූ රු. මිලියන 7.9 ක මුදල් කොල්ලය සිදුකල වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම නිසා ගෞරවයට පාත්‍ර වූ අයෙකි.