ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා යුද්ධ හමුදාව දායක වෙයි

ජුනි 15, 2020

මහනුවර 11 වන සේනාංකය යටතේ වන 111 බලසේනාවේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්  විසින් සෙනසුරාදා (ජූනි 13) දින දොඩම්වල, මුරුතලාව, මහකන්ද සහ කෙන්ගල්ල යන ප්‍රදේශවල මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි.

දිවයින පුරා සිදුකරන ඩෙංගු මර්ධන වැඩසටහන්වලට සමගාමීව එම ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ සිවිල් වැසියන්ගේද සහයෝගයෙන් යුතුව මෙම වැඩසටහන සංවිධානය කර ඇත.