ඩුබායි සිට 289 දෙනෙකු දිවයිනට

ජුනි 18, 2020

ඩුබායි සිට ශ්‍රී ලාංකිකයන් 289 දෙනෙකු රැගත් UL 226 ශ්‍රී ලංකන්  ගුවන් යානය අද (ජූනි 18) දින අලුයම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි බව ගුවන් තොටුපල රාජකාරි කළමනාකරු දනුජ සමරතුංග  පැවසීය.

එලෙස පැමිණි සියලු දෙනා විෂබීජහරණය කර ඇති අතර දින 14 ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා පිටත්ව යාමට පෙර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී  PCR පරීක්ෂණ සඳහා යොමු කරන ලද බව සමරතුංග තහවුරු කළේය.