කොළඹ, මත්ද්‍රව්‍ය වලින් තුරන් කිරීමේ මෙහෙයුම් පොලිසිය තීව්‍ර කරයි

ජුනි 19, 2020

දෙහිවල, ගල්කිස්ස , අගුලාන  සහ රත්මලාන යන ප්‍රදේශවල දී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පස් දෙනෙකු,  සඳුදා (ජූනි 16) සහ අඟහරුවාදා (ජූනි 17) දිනයන්හිදී  අත්අඩංගුවට ගැනීමත් සමහ  ශ්‍රී ලංකා පොලිසිය මත්ද්‍රව්‍ය තුරන්  කිරීමේ මෙහෙයුම් තීව්‍ර කර තිබේ.

වයස අවුරුදු 22 ත් 37 ත් අතර මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ හෙරොයින් ළඟ තබාගෙන සිටි බව පොලිසිය පවසයි.

පසුගියදා ,මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය අමතමින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික)කමල් ගුණරත්න සහතික කර සිටියේ  අනාගතයේ දී සාධාරණ හා ආරක්ෂිත රටක ජීවත්වීම සඳහා මත්ද්‍රව්‍ය, පාතාල ක්‍රියාකාරකම්, සංවිධානාත්මක අපරාධ සහ කප්පම් වලින් තොර සමාජයක් ඇති කරන බවයි.