කාන්තා සෙබළියක වන දර්ශිකා ජේසුදාසන් වෙනුවෙන් යුධ හමුදාව නව නිවසක් ඉදිකරයි

ජුනි 19, 2020

යාපනයේ ආරක්ෂක සේනා  මූලස්ථානය   දකුණේ සිංහල පරිත්‍යාගශීලීන්ගේ මූල්‍ය ආධාර ඇතිව පලාලි හි සේවය කරන කාන්තා සෙබළියක වන දර්ශිකා ජේසුතාසන් සඳහා නව නිවසක් ඉදි කළේය. ජුනි 18 වන දින පැවති  උත්සවයකදී යාපනය ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය නව නිවසේ යතුර ප්‍රතිලාභී පවුලට භාර දුන්නේය.

11 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ඔත්තහපුලම්  හි ඉදිකරන ලද මෙම නිවස සඳහා කොළඹ පදිංචි කුමාර් වීරසූරිය සහ ඔහුගේ සගයන් විසින්  අරමුදල් සපයා ඇති අතර දැනටමත් යාපනයේ බොහෝ නිවාස ඉදිකිරිම  සඳහා ඔවුන්  මුදල් ආධාර ලබා දී ඇත.

7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායට බැදී  ඇති කයිට්ස් හි දර්ශිකා ජේසුතාසන් මේ වන විට පලාලි, යාපනයේ ආරක්ෂක සේනා  මූලස්ථානයේ සේවය කරයි. ගණප්‍රකාසම් ජේසුදාසන් වන ඇයගේ පියා, එවකට ලංකා නාවික හමුදාවේ නැවියෙකි.

වර්තමාන සෞඛ්‍ය මාර්ගෝපදේශනයට අනුකූලව පවත්වන ලද   උත්සවයට වලිකාමම් ප්‍රාදේශීය ලේකම්, 52 වන සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රජයේ නිලධාරීන්, පරිත්‍යාගශීලීන් සහ ඉදිකිරීම් සඳහා දායක වූ භට පිරිස් සහභාගී වූහ