ශ්‍රී ලාංකිකයින් 98 ක් මෙල්බර්න් සිට පැමිණෙයි

ජුනි 19, 2020

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්  සිට ශ්‍රී ලාංකිකයින් 98 දෙනෙකු රැගත් UL 605 ශ්‍රී ලංකන්  ගුවන්යානය  අද (ජූනි 19) දින  අලුයම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපල රාජකාරි කළමනාකරු පැවසීය.

දින 14 ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා පිටත්ව යාමට පෙර පැමිණි සියලු දෙනා විෂබීජහරණය කර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී  PCR පරීක්ෂණ සඳහා යොමු කරන ලදී.