සති දෙකක් තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 6,000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට

ජුනි 21, 2020

ජුනි 20 දිනෙන් අවසන් වූ පසුගිය සති දෙක තුල,  පොලිස් විශේෂ කාර්යය  බලකාය සහ පොලිස් බුද්ධි අංශ විසින් සිදුකරන ලද විශේෂ මත්ද්‍රව්‍ය නාශක මෙහෙයුම් ත්‍රීව කිරිමත් සමග මෙහෙයුම් වලදී සැකකරුවන් 6,000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

ජුනි 06 වන දින පෙ.ව. 6 සිට මේ දක්වා කාලය තුල පොලිසියට අනුව ,  කිලෝග්‍රෑම් 5 හෙරොයින් සහ කිලෝග්‍රෑම් 217 ක ගංජා සමග සැකකරුවන් 6420 අත්අඩංගුවට ගෙන ඇත.
අත් බෝම්බ 7 ක් ඇතුළු නීති විරෝධී ආයුධ ළඟ තබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාලය තුළ නීතිවිරෝධී මත්පැන් නිපදවීම සහ විකිණීම සම්බන්ධ පුද්ගලයින් 5,574 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර, මග හැර සිටි වරෙන්තුකරුවන් 5000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පසුගිය ජුනි 16 වන දින පැවති මාධ්‍ය හමුවේදී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික)කමල් ගුණරත්න සහතික කර සිටියේ  අනාගතයේ දී සාධාරණ හා ආරක්ෂිත රටක ජීවත්වීම සඳහා මත්ද්‍රව්‍ය, පාතාල ක්‍රියාකාරකම්, සංවිධානාත්මක අපරාධ සහ කප්පම් වලින් තොර සමාජයක් ඇති කරන බවයි.