හෙරොයින් කිලෝග්‍රෑම් 1 කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙකු රඹුක්කනදී අත්අඩංගුවට

ජුනි 22, 2020

හෙරොයින් කිලෝග්‍රෑම් 1.527 ක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත කාන්තාවක් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ඉරිදා (ජුනි 21) දින අත්අඩංගුවට ගෙන තිබේ.

රඹුක්කන වල්ගම මාවතේ පදිංචි වයස අවුරුදු 27 ක් වන මෙම සැකකරු සහ වයස අවුරුදු 50 ක් වන සැකකාරිය කෑගල්ල රඹුක්කන දුම්රිය හරස් මාර්ගය අසලදී කෑගල්ල පොලිසියේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු සහ සැකකාරිය අද දින කෑගල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනි. රඹුක්කන පොලිසිය මේ පිලිබදව පරීක්ෂණ පවත්වයි.

මේ අතර ජුනි 02 වනදින වරකාපොල බැංකුවක් බිද සොරාගත් රුපියල් මිලියන 1.8 කට අධික මුදලක් සමගින් තවත් සැකකරුවෙකු කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරුට දිවයින පුරා විවිධ පොලිස් ස්ථාන වලින් වරෙන්තු 13 ක් නිකුත් කර තිබී ඇත.

සොයාගත් සොරකම් කරන ලද මුදල් වැඩිදුර විමර්ෂණ සදහා වරකාපොල පොලිසිය වෙත භාර දී ඇත.