තුවක්කු සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අද අධිකරණයට

ජුනි 23, 2020

මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කු දෙකක් සමඟ වත්තහේන, යක්කලමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් වයස 33ක් හා 39ක් වන සැකකරුවන් දෙදෙනෙකු අද (ජූනි 23) දින අධිකරණ කටයුතු සඳහා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.  

යක්කලමුල්ල පොලිසියට ලද තොරතුරකට අනුව සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් සමඟ මෙම බෙහෙත් කොටන තුවක්කු දෙක ඊයේ දින සවස සොයා ගෙන තිබේ.  

යක්කලමුල්ල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.