මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට

ජුනි 23, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව  තඹලගමුව සහ කින්නියා පොලිස් ස්ථාන සමඟ එකාබද්ධව සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී ඊයේ (ජුනි 22) මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.  

නැගෙනහිර නාවික විධානය පොලිසිය සමඟ ඒකාබද්ධ මෙහෙයුම් දියත් කරමින් කින්නියා නගරයේදී  හෙරොයින් මිලිග්‍රෑම් 400 ක් සමග එක් පුද්ගලයෙකු සහ තඹලගමුවේදී කේරළ ගංජා ග්‍රෑම් 100 ක් සමඟ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සහ ඔවුන් ගංජා ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථය ද අත්අඩංගුවට ගෙන ඇත.  

වයස අවුරුදු 31, 39 සහ 40 යන වයස් වල පසුවන ජාවාරම්කරුවන් කින්නියා, කන්තලේ සහ කළුතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව ශ්‍රී ලංකා නාවික හමුදාව  පවසයි.  

කින්නියා සහ තඹලගමුව පොලිස් ස්ථාන සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ෂණ සිදුකරයි.