තුවක්කුවක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

ජුනි 24, 2020

මල්ලාවි පොලිසිය වෙත ලද තොරතුරකට අනුව සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

මල්ලාවි,අයියන්කුලම් ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි මෙම සැකකරු අද (ජුනි 24) මුලතිව් ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මල්ලාවි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.