ශ්‍රී ලාංකිකයින් 154 ක් ලන්ඩනයේ සිට මෙරටට

ජුනි 24, 2020

ලන්ඩනයේ සිට ශ්‍රී ලාංකිකයින් 154 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් UL 504 ගුවන් යානය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට වෙත මිට  සුළු වෙලාවකට පෙර පැමිණි  බව ගුවන් තොටුපල රාජකාරි කළමනාකරු ජනිත් විදානපතිරන  පැවසීය.

අද (24) දින සවස ශ්‍රී ලාංකිකයින් 85 දෙනෙකු රැගෙන UL 303 ගුවන් යානය සිංගප්පූරුවේ සිට පැමිණීමට නියමිත බව ඔහු තවදුරටත් පැවසුවේය.

විදානපතිරන defence.lk වෙත  අදහස් දක්වමින් පැවසුවේ පැමිණි පිරිස දින 14 ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා පිටත්ව යාමට පෙර වෛද්‍ය පරීක්ෂාවන්ට භාජනය කර ඔවුන්ගේ බඩු බාහිරාදිය ද  ගුවන් තොටුපල බලධාරීන් විසින් විෂබීජහරණය කල  බවයි.