වාලච්චේන කඩදාසි කම්හල යථා තත්වයට පත් කිරීම සඳහා නාවික හමුදා සහාය

ජුනි 24, 2020

මඩකලපුවේ වාලච්චේන කඩදාසි කම්හල පෙර තිබූ කීර්තිමත් තත්වයට ගෙන ඒම සඳහා රජය ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා මෙන්ම එහි අඛණ්ඩ කඩදාසි නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ පුර්ණ සහාය ලබා දෙන බව ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර පැවසීය

රජයට අයත් වාලච්චේන කඩදාසි කම්හලේ මෙහෙයුම් නැවත ආරම්භ කිරීමේ ජාතික අවශ්‍යතාවය සපුරා ලීම සඳහා  ශ්‍රී ලංකා නාවික හමුදාව සිය තාක්‍ෂණික සහය ලබා දෙන බව defence.lk වෙත  ඔහු පැවසිය.

ශ්‍රී ලංකා නාවික හමුදාපති  වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් පරිදි විදුලි යන්ත්‍රෝපකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සම්බන්ධ නාවික හමුදාවේ ‘විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අංශය’ විසින් වෙහෙස මහන්සි නොබලා කම්හලේ ප්‍රධාන යන්ත්‍රෝපකරණ කිහිපයක් නවීකරණය කර ඇති බව ඔහු පැවසීය.