නව ප්‍රධාන බන්ධනාගාර නියාමකවරුන් හය දෙනෙකු පත් කර ඇති අතර 19 දෙනෙකුට ස්ථාන මාරු විම්

ජුනි 25, 2020

නව ප්‍රධාන බන්ධනාගාර නියාමකවරුන් හය දෙනෙකු අලුතින් පත් කර ඇති අතර තවත් 19 දෙනෙකු සේවා අවශ්‍යතා මත වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යවා ඇත.

අපරාධකරුවන්ගේ ක්ෂේමභූමියක් බවට මිගමුව බන්ධනාගාරය පත්වීමත් සමග මිගමුව  බන්ධනාගාරයේ ප්‍රධාන නියාමකවරයා ද  ස්ථාන මාරු කළ පිරිස  අතරට එක්වී ඇත.

මෑතකදී පොලීසිය විසින් සිදුකරන ලද මෙහෙයුම් වලින් මිගමුව බන්ධනාගාරයේ සිට ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳව කරුණු අනාවරණය විය.

බන්ධනාගාර වල සිට ක්‍රියාත්මක වන බවට සැලකෙන අපරාධ , පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් රට නිදහස් කර ගැනීම උදෙසා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සඳහා රජය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙස තුෂාර උපුල්දෙණිය මෑතකදී පත් කරනු ලැබුවේය.