පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් පාතාල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මිය යයි - ගම්පහ

ජුනි 26, 2020

ගම්පහ දී පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවක දී පාතාල අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රන්කොත් පේඩිගේ සංජීව සම්පත් නොහොත් ‘කැටවලපිටිගේ සම්පත්’ නම් පුද්ගලයා අද දින (ජූනි 26) අලුයම මියගොස් ඇත.

මියගිය පුද්ගලයා අවශ්‍යව සිටින පාතාල අපරාධකරුවෙකු වූ ‘ගනේමුල්ල සංජීව’ සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති බවද  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසීය.

ගම්පහ, මිරිස්වත්ත, මල්වතු හිරිපිටියේ යොදවන ලද පොලිස් ක්ෂණික මාර්ගබාධකයට සැකකරු වෙඩි තැබීමෙන් පසුව මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.