නීතිවිරෝධී ගිනි අවි ළග තබාගෙන සිටින සැකකරුවන් සොයා මෙහෙයුම්

ජුනි 26, 2020

පූගොඩ පොලිසිය විසින් නීතිවිරෝධී ගිනි අවියක් සමඟ 41 හැවිරිදි පුද්ගලයෙකු පූගොඩ දී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද දින (ජුනි 26) අධිකරණ කටයුතු සදහා පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

ලැබුණු තොරතුරකට අනුව සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී පොලීසිය විසින් ගිනි අවිය සොයාගෙන ඇති අතර එය විදේශ රටක සිට නීති විරෝධිව රැගෙන ඇති බවට සැක කෙරේ. මිට අමතරව පූගොඩ , ඕවිටිගම පදිංචි සැකකරු ලඟ තිබී ජීව උණ්ඩ දෙකක් සහ කඩුවක් හමු වී ඇත.

පුගෝඩා පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මේ අතර තවත් 24 හැවිරිදි සැකකරුවෙකු මල්ලාවි ප්‍රදේශයෙන් දේශීයව නිපදවන ලද තුවක්කුවක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

සැකකරු අද (ජුනි 26) දින නීතිමය කටයුතු සඳහා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතය.

මල්ලාවි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.