කොළඹ අපරාධ අංශය විසින් කොළඹ දී කප්පම්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගනී

ජුනි 26, 2020

කොළඹ, බැස්ටියන් මාවතේදී සිදු වූ කප්පම් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙක් කොළඹ අපරාධ අංශය  විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  නීතිමය කටයුතු සඳහා ඔවුන් අද (26) අලුත්කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ඇත.

කොළඹ මැනින් වෙළඳපොළට පැමිණි එළවළු ප්‍රවාහනය කරන ලොරි වලින් කප්පම් ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි