ශ්‍රී ලාංකිකයින් 171 ක් ලෙබනනයේ සිට මෙරටට

ජුනි 26, 2020

ලෙබනනයේ, බේරුට්  සිට ශ්‍රී ලාංකිකයින් 171  දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 1506  ගුවන් යානය කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි  ඇත.

ගුවන් තොටුපල රාජකාරි කළමනාකරු  defence.lk වෙත  අදහස් දක්වමින් පැවසුවේ පැමිණි පිරිස දින 14 ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා පිටත්ව යාමට පෙර වෛද්‍ය පරීක්ෂණයකට  භාජනය කර ඔවුන්ගේ බඩු බාහිරාදිය ද  ගුවන් තොටුපල බලධාරීන් විසින් විෂබීජහරණය කල  බවයි.