ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 3 ක් දිවයිනට

පෙබරවාරි 16, 2019

පුහුණු සහ සුහද සංචාරයක් සඳහා ඉරාන නාවික හමුදාවට අයත් නෞකා තුනක් සිකුරාදා (පෙබරවාරි 15) දින දිවයිනට ලඟාවිය.

කොළඹ වරායට පැමිණි ‘බුෂේර්’, ‘ලවාන්’ සහ ‘බයන්ඩෝර්’ යන එම නෞකා තුන, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලදී.

මෙම නෞකාවන් එළබෙන සඳුදා (පෙබරවාරි 18) දිවයිනෙන් පිටත්ව යාමට පෙර එහි කාර්යමණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් රාශියක් සඳහා සහභාගී වීමට නියමිතව ඇත.