මුහුණු ආවරණ නොපැළඳ සිටි පුද්ගලයින් 162 දෙනෙකු ස්වයං නිරෝධායනයට

ජුලි 01, 2020

අද (ජුලි 01) දින අළුයම 5 න්  අවසන් වන පැය 24 තුළ බස්නාහිර පළාත තුල  පොලීසිය විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී, පොදු ස්ථානවල මුහුණු ආවරණ නොපැළඳ සිටි පුද්ගලයින් 162 ක්  ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

සමාජ දුරස්ථභාවය සහ පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළඳීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා පොලීසිය විශේෂ මෙහෙයුම් පවත්වයි.

මීට අමතරව නිසි ලෙස මුහුණු ආවරණ නොපැළඳ සිටි පුද්ගලයින් 905 දෙනෙකුට අවවාද කර  නිදහස් කර ඇති බව පොලිසිය පවසයි.

මේ අතර, කොරෝනා වෛරසයේ දෙවන රැල්ලක් ඇතිවීමේ හැකියාව වළක්වා ගැනීම සඳහා නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින ලෙස  පොලිසිය මහජනතාවට අවවාද කළේය.