මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ඇති සබඳතා හේතුවෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් 11 දෙනෙකු අත්අඩංගුවට

ජුලි 03, 2020

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය බව පැවසෙන  පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් 11 දෙනෙකුගෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම් කරගෙන යනු ලබයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබදතා පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත  උප පොලිස් පරීක්ෂකවරයෙක්, සැරයන්වරුන් දෙදෙනෙකු සහ කොස්තාපල්වරයෙකු ඇතුළු මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සිව් දෙනෙකු පිළිබඳ වැඩිදුර පරීක්ෂණවලින් අනතුරුව මෙම නිලධාරීන් හඳුනාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනා අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට විකුණා ඇති බවට චෝදනා ලැබූ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයෙක් සහ උප පොලිස් පරීක්ෂකවරයෙක් ද සිටින බව පොලිසිය පවසයි.

මේ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා මත අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (ජූලි 02) දින රහස් පොලිසියට අවසර ලබා දුන්නේය.

ජූලි 08 වනදා දක්වා සැකකරුවන් රඳවා තබා ගැනීමටත්, චෝදනා සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමටත් රහස් පොලිසියට අවසර දී අධිකරණය රැඳවුම් නියෝග නිකුත් කළේය.