රු. මිලියන 60 ක් වටිනා කේරළ ගංජා තොගයක් මන්ඩතිව් වලින් නාවික හමුදා අත්අඩංගුවට

ජුලි 03, 2020

යාපනයේ මන්ඩතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදේ විශේෂ මෙහෙයුමක දී මිලියන 60 ක් වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 400 කට අධික ප්‍රමාණයක් මීට සුළු  වේලාවකට පෙර නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය හා සම්බන්ධ සියලු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බව නාවික හමුදා ප්‍රකාශක  ලුතිනන් කමාන්ඩර්  ඉසුරු සූරියබණ්ඩාර  defence.lk වෙත පැවසීය.