ශ්‍රී ලාංකිකයින් 83 ක් බහරේනයෙන් පැමිණේ

ජුලි 05, 2020

බහරේනයේ සිටි ළදරුවන් තිදෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයන් 83 දෙනෙකු රැගත් යූඑල් 202 ගුවන් යානයෙන් අද (ජූලි 05) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ ඇති බව ගුවන් තොටුපල රාජකාරි කළමනාකරු ජනිත් විදානපතිරණ පැවසීය.  

පී.සී.ආර් පරීක්‍ෂණ වලින් පසු නැවත පැමිණෙන අය ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන බව විදනාපතිරණ තහවුරු කළේය.