ජෝර්දානයේ සිටි ශ්‍රී ලාංකිකයින් කණ්ඩායමක් මෙරටට

ජුලි 06, 2020

ජෝර්දානයේ සිට ශ්‍රී ලාංකිකයින් 230 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 1710  ගුවන් යානය අද උදෑසන (ජුලි 06) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි  බව ගුවන් තොටුපල රාජකාරි කළමනාකරු පැවසීය.  

නැවත මෙරටට පැමිණි පුද්ගලයින්  PCR පරීක්‍ෂණ වලින් පසුව ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන බව ගුවන් තොටුපල රාජකාරි කළමනාකරු තහවුරු කළේය.