මුල්ලේරියාවේදී ගංජා කිලෝග්‍රෑම් 56.46 ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට

ජුලි 07, 2020

බෙදාහැරීමට සූදානම් කර තිබූ කිලෝග්‍රෑම් 56 කට වඩා බරින් යුත් ගංජා තොගයක් සැකකරුවෙකු සමඟ මුල්ලේරියාව කැළණි නදී මාවතේදී සඳුදා (ජූලි 06) දින පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.   

පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.  

මෝටර් රථයක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.  

මුල්ලෙරියාව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි