කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්  COVID-19 අසාදිත රෝගීන් 196 ක් තහවුරු වේ

ජුලි 10, 2020

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු පුද්ගලයින් 338 දෙනෙකු සඳහා ඊයේ (ජූලි 09) දින සිදු කරන ලද PCR පරීක්ෂණ වලට අනුව 196 දෙනෙකුට කොරෝනා වෛරසය අසාදිත බව අද (10) දින තහවුරු වී තිබේ.

ඒ අනුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ මුළු COVID-19 ආසාදිතයින් ගණන 252 දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසන පරිදි පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් ආසාදිතයින් වාර්තා විය හැකිය.

වෛරසය ප්‍රජාව වෙත පැතිරීම වළක්වා ගැනීම උදෙසා සියලු උත්සාහයන් ගත් බව ඔහු පැවසීය.