මොස්කව් සහ ඩුබායි හි සිටි ශ්‍රී ලාංකිකයින් අද මෙරටට

ජුලි 10, 2020

රුසියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 234 දෙනෙකු සහ ඩුබායිහි සිටි ශ්‍රී ලාංකිකයින් 296 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 1206 සහ  UL 226 ගුවන් යානයන් අද (ජුලි 10) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි  බව ගුවන් තොටුපල රාජකාරි කළමනාකරු ජනිත් විදානපතිරණ පැවසීය.

යලි මව්බිමට පැමිණි මෙම පිරිස දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය සඳහා පිටවීමට පෙර ගුවන් තොටුපළ බලධාරීන් විසින් ඔවුන් සියලු දෙනා වෛද්‍ය පරීක්‍ෂණ සඳහා යොමුකර ඔවුන්ගේ බඩු භාහිරාදිය විෂබීජහරණය කිරීමටද කටයුතු කල බව විදානපතිරණ තහවුරු කළේය.