මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීමට ජපානයෙන් මූල්‍යධාර

ජුලි 14, 2020

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක වැඩසටහන්හි ධාරිතා වර්ධනය සඳහා ජපාන රජය රු. මිලියන 340 ක මූල්‍යමය ආධාර  ලබා දීමට ජපාන රජය එකඟතාවය පල කර ඇත.

මුදල් අමාත්‍යාංශයට අනුව, ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ඒ සදහා අවශ්‍ය උපකරණ සැපයීම සඳහා ජපාන ව්‍යාපෘති නොවන ප්‍රධාන ආධාර ක්‍රමය යටතේ මෙම මූල්‍ය ප්‍රදානය ලබා දෙනු ඇත.

මෙම මුල්‍යමය ප්‍රදානය මගින් පොලිස් මත්ද්‍රව්‍ය හඳුනාගැනීමේ හැකියාවන් නවීකරණය කිරීම සහ වැඩිදියුණු කර ගැනීමට හැකියාව ලැබේ.

මෙම මුල්‍යමය ප්‍රදානයට අදාළ හුවමාරු පත්‍රය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල  සහ ජපාන තානාපති සුගියමා අකිරා විසින් ඊයේ අත්සන් තබන ලදි.