ඉන්දියානු ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි

ජුලි 15, 2020

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරන කපිතන් අශෝක් රාඕ සිය ධුරයේ රාජකාරී අවසන් කිරීමට නියමිත බැවින් අද අමාත්‍යාංශ පරිශ්‍රයේදී  ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න හමුවිය.

ශ්‍රී ලංකාවේ රාජකාරී කල කාලසීමාවේදී ආරක්ෂක අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදාව සමඟ සහයෝගයෙන් යුතුව කටයුතු කිරීම පිළිබඳව ආරක්ෂක ලේකම් කපිතාන් අශෝක් රාඕට සිය කෘතඥතාවය පළ කළේය.

ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) ගුණරත්න විසින් සමරු සිහිවටනයක්ද පිරිනැමූ අතර ඔහුගේ අනාගත කටයුතු වෙනුවෙන් සුභ පැතුම් එක් කරන ලදි.