සෙනසුරාදා සිදුකල පැය 12 ක මෙහෙයුමකදී 1,563 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

ජුලි 19, 2020

පොලීසිය විසින් සෙනසුරාදා (ජූලි 18) පෙ.ව. 6.00  සිට ප.ව 6.00 දක්වා බස්නාහිර පළාතේ සිදුකල විශේෂ මෙහෙයුමක් අතරතුර පුද්ගලයින් 1,563 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අය අතරින් 771 දෙනෙකුට මීට පෙර වරෙන්තු නිකුත් කර ඇති බව පොලිසිය පවසයි.

මීට අමතරව තවත් 792 දෙනෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර, බස්නාහිර පළාත තුල මුහුණු ආවරණ පැළද නොසිටීම සම්බන්ධයෙන් පුද්ගලයින් 2,093 දෙනෙකුට සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් තවත් 968 දෙනෙකුට අවවාද කර තිබේ.