තද වැසි සහ මුහුදු රළ පිළිබඳ රතු අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

ජුලි 20, 2020

වායුගෝලීය අව පීඩන කැළඹීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළ අඛණ්ඩව පවතිනු ඇති බවට  අපේක්ෂා කරන බව අද දින (ජුලි 20) මීට සුළු මොහොතකට පෙර රතු නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අනතුරු ඇඟවීම් අනුව මිලිමීටර් 150 කට වඩා වැඩි අධික වර්ෂාපතනයක් ප්‍රදේශ කිහිපයකින් අපේක්ෂා කළ හැකිය.

මීට සුළු මොහොතකට පෙර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දිවයින වටා මුහුදු ප්‍රදේශය පිළිබඳව වන කාලගුණ අනාවැකි අනුව ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා කළුතර සිට පොතුවිල් දක්වා වන වෙරළ තිරයේ මුහුදු රළ මීටර් 2 සිට 2.5 දක්වා ඉහළ යා හැකි බැවින් නාවික සහ ධිවර ප්‍රජාවන්ට සහ වෙරළබඩ ජිවත්වන ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස දන්වා ඇත.

 

Sinhala.