පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය පුහුණුව සඳහා භාවිතා කරන අවි ආකෘති නිපදවයි

ජුලි 20, 2020

තවත් සාර්ථක පර්යේෂණ ව්‍යාපෘතියක් සම්පූර්ණ කරමින් ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය පුහුණුව සඳහා භාවිතා කරන අවි ආකෘති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂ බලකාය වෙත හඳුන්වා දුන්නේය.

මෙමගින් ඉහළ වටිනාකමක් ඇති ජිව ආයුධවලට සිදුවන හානිය අවම කිරීම,ජිව කාලය ඉහළ නැංවීම මෙන්ම පුහුණුවන්නන්ගේ ආරක්ෂාවද සහතික කරනු ඇත.

පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය බ්‍රව්නිං HP පිස්තෝලය සහ HK තුවක්කුවක අනුරූද සාදන ලදී.

ජීවී පතුරම් භාවිතයෙන් තොරව අවි පුහුණුවීම් සහ පුහුණු සැසි සඳහා ලෝකයේ වෘත්තීය සටන්කාමීන් විසින් පුහුණුව සඳහා භාවිතා කරන අවි ආකෘති භාවිතා කරයි.

ඉහළ මිලක් සහිත පුහුණුව සඳහා භාවිතා කරන අවි ආකෘති ලබාගත හැකි වන්නේ  ජාත්‍යන්තර වෙළඳපොලවල පමණි.