කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ධීවරයින්ට අනතුරු ඇඟවීම්

ජුලි 22, 2020

ඉදිරි පැය 24 ක කාලය තුල මන්නාරම සිට පුත්තලම දක්වා කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර සුළගේ වේගය (පැ.කී.මී. (40-50) දක්වා) ද වැඩි විය හැකි බැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් සහ ආසන්න වෙරළ බඩ ජනතාවගෙන්  මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.
 
මුහුදු ප්‍රදේශ සදහා වන කාලගුණ අනාවැකිය අනුව එම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර්. 2.0 - 2.5 ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව අනතුරු අඟවයි.

කාලගුණ වාර්තාවන්ට අනුව මීගමුව සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට   හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.