සුරාබදු නිලධාරියකු ඇතුළු පුද්ගලයින් 8 දෙනෙක් ‘අයිස්’ සමඟ අත්අඩංගුවට

ජුලි 23, 2020

අයිස් ග්‍රෑම් 200 ක් සමග සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු කාන්තාවන් 04 දෙනෙකු ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු බදාදා (ජූලි 22) පුත්තලමේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පුත්තලම් පොලිස් කොට්ඨාශයේ අපරාධ වැළැක්වීමේ ඒකකයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇති බව පොලිසිය පවසයි

මේ අතර, අත්අඩංගුවට ගත් අයගෙන් ලද තොරතුරු අනුව තවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය පවසයි.