ආපදාවට පත් කෙන්යානු යාත්‍රාවකට නාවික හමුදා සහාය

ජුලි 24, 2020

ගොඩබිමෙන් නාවික සැතපුම් 170 ක් (කිලෝමීටර් 306) ඈතින් වු මුහුදේදී  ආපදාවට පත්වූ කෙන්යානු නෞකාවක්  ශ්‍රී ලංකා නාවික සිඳුරල නෞකාව විසින් අළුත්වැඩියා කිරීම සඳහා ඇදගෙන එනු  ලැබූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික දී සිල්වා අද දින පැවසීය.

කාර්ය මණ්ඩලය 13 ක් සමඟ කෙන්යාවේ මොම්බාසා වරායට යමින් සිටි හොරාක්ටි (HORAKHTY) නම් නෞකාවේ  විදුලිය ඇණහිට ඇති බව ඔහු defence.lk වෙත පැවසීය.

අලුත්වැඩියා කටයුතු අවසන් කිරීමෙන් පසු ඊයේ රාත්‍රියේ මෙම නෞකාව සිය මීලග වරාය සඳහා යාත්‍රා කර තිබේ.

කපිතාන් ද සිල්වාට අනුව, නාවික මුදවා  ගැනීමේ මෙහෙයුම්   41 කදී පසුගිය මාස හතක කාල සීමාව  තුළ ආපදාවන්ට ලක්වූ  යාත්‍රා 34 කට සහාය ලබා දී ජීවිත 103 ක් නාවික හමුදාව  විසින් බේරාගෙන තිබේ.