දිවයින පුරා සිදුකළ වැටලීම්වල සැකකරුවන් 2,057 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට

ජුලි 26, 2020

විවිධ පොලිස් ස්ථාන විසින් දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී සැකකරුවන් 2, 057 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතුරින් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 473 ක්, රිපීටර්  තුවක්කු 4 ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් තිදෙනෙක්, නීතිවිරෝධී මත්පැන් ලීටර් 4115 කට අධික ප්‍රමාණයක් ලඟ තබා ගැනීම වෙනුවෙන් සැකකරුවන් 307 ක්, අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු මග හැර ගිය සැකකරුවන් 276 ක් සහ වෙනත් ඒ හා සමාන වැරදි සඳහා සැකකරුවන් 641 ක් ඇතුළත් ය.

මෙම වැටලීම්වලදී ගංජා කිලෝග්‍රෑම් 47 ක්, අයිස් ග්‍රෑම් 42 ක් සහ හෙරොයින් ග්‍රෑම් 159 ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.