පුද්ගලයන් 165 දෙනෙකු වන්නි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යති

ජුලි 29, 2020

වන්නි හි පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝධායනය සම්පූර්ණ කළ පුද්ගලයින් 165 දෙනෙකු අද (ජූලි 29) උදෑසන සිය නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.

පිටත්ව යාමට පෙර ඔවුන් PCR පරීක්ෂාවන්ට භාජනය කර ඇති අතර වෛරසය ආසාදනය වී නොමැති  බවට  තහවුරු වී ඇති බව ගුවන් හමුදාව පවසයි.

මේ අතර, තවත් පුද්ගලයින් 555 දෙනෙකු ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටත්ව යාමට නියමිතය.

COVID-19 පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට අනුව  පෙරියකාඩුවලින් 118 දෙනෙකු ද, පුරවසකුලම්වලින්  193 දෙනෙකු ද , කහගොල්ලෙන් 176  දෙනෙකු සහ පූනානිවලින්  68 දෙනෙකු වශයෙන් අද දින නිරෝධායන මධ්‍යස්ථානවලින්  පිටත්ව යාමට නියමිතය.

 දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන  40 ක පුද්ගලයන් 3,102 ක් තවමත් නිරෝධායනය වෙමින්  සිටින බව COVID-19 පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.