විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් නැවත මෙරටට ආපසු ගෙන්වා ගැනීමේ සුදානමක්

ජුලි 29, 2020

මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් නැවත ගෙන්වා ගැනීමේ කටයුතු ආරම්භ කරමින් ජුලි 31 වන දින ඩුබායි සිට 275 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් සහ අගෝස්තු 1 වනදා අබුඩාබියේ සිට දෙවන කණ්ඩායම මෙරටට ගෙන්වන බව අද දින (29) විදේශ සබඳතා පිලිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් (විශ්‍රාමික) මහාචාර්ය ජයනාත් කොළඹගේ පැවසීය.

ඔහු defence.lk වෙත පැවසුවේ පවතින යහපත් තත්වය අනුව සහ නිරෝධායන ක්‍රියාවලිය සඳහා ප්‍රමාණවත් පහසුකම් තිබෙන බැවින් මෙම තීරණය ගත් බවයි.

ඉදිරියේදී මෙරට තුල පවතින තත්වය අනුව නැවත මෙරටට ගෙන්වා ගැනීම් පිලිබදව සලකා බලන බවද ඔහු පැවසීය.

රටේ පැවති තත්ත්වය සාමාන්‍ය ආකාරයට පත්වන තුරු සහ නිරෝධායන පහසුකම් පිලිබදව සලකා බැලීමෙන් අනතුරුව, විදෙස්ගතවුවන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය ජූලි 14 සිට රජය විසින් තාවකාලිකව අත්හිටුවන ලදී.

මීට පෙර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ නියෝගය මත කොරෝනා වසංගතයට ගොදුරු වූ රටවල අතරමංව සිටි ශ්‍රී ලාංකිකයින් ආපසු මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් ගමන් ක්‍රියාත්මක කරන ලදී.