කළුතර නීතිවිරෝධී එතනෝල් ස්කාගාරයක් පොලීසිය විසින් වටලයි

ජුලි 30, 2020

කොළඹ අපරාධ කොට්ඨාශයට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (ජූලි 29) දින දකුණු කළුතර මහහීනිටිගල හි නීතිවිරෝධී එතනෝල් ස්කාගාරයක් වැටලූ අතර, එහිදි එතනෝල් ලීටර් 4,000ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

වැටලීමේදී සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් දෑ අතර මත්පැන් ලීටර් 2218ක්, මත්පැන් නිෂ්පාදනය  කිරීමට භාවිතා කරන යන්ත්‍ර තුනක්, හිස් බෝතල් 15,150 ක්, පියන් 40,000ක්, රසායනික බෝතල් හතරක්, හිස් බහාලුම් සහ රසායනික මිනුම් උපකරණ ඇතුළත් වේ.

සැකකරුවන් අද (ජූලි 30) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනි.

කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.