දෝහා කටාර් සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙරටට පැමිණේ

අගෝස්තු 04, 2020

දෝහා කටාර් සිට ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු රැගත් QR 668 කටාර් එයාර්වේස් ගුවන් යානය ඊයේ (3) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි බව ගුවන්තොටුපල කාර්යභාර   කළමණාකරු ජනිත් විදානපතිරණ පැවසීය.

මෙරටට පැමිණි සියලු දෙනා දින 14 ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා පිටත්ව යාමට පෙර ඔවුන්ගේ බඩු බාහිරාදියද ඇතුලත්ව ගුවන් තොටුපල බලධාරීන් විසින් ඔවුන්ව විෂබීජහරණයට ලක් කර ඇති බව විදානපතිරණ defence.lk වෙත තහවුරු කළේය.